Skip to content

Negative thinking හොඳම එක සහ මැරෙන්න කලින් බලන්න වටින තැනක් ගැන සටහනක්…

July 27, 2012

අලුත් බ්ලොග් එක සින්ඩිවල ඇතුල් කරගන්නා තෙක් මේ කරදරය ගැන ඉවසලා.. මෙතන කොටල අලුත් බ්ලොග් එකට එන්න…

රට්ටුන්ගෙ කතා අසා දීගය කඩා ගැනීම හෙවත්.. මහමුදලිකමටත් වඩා ලොකු විලිලැජ්ජ නැතිකම…

July 23, 2012

සමාවෙලා මේ ලින්ක් එකට කොටල අලුත් බ්ලොගේට යනවද… වැඩි විස්තර එහේ…

කාලය මැව් වෙනසක අරුමේ… Happy Birthday !!!

May 13, 2012




පුංචිම කාලෙ,
එදාට
අම්ම තාත්ත
ලස්සන ඇදුම්,
පුංචි බෝනික්කො
ගෙනැත් දෙනකං
බලා ඉන්න ඇති…

ගෙනැත් දුන්නම
ඒව බදාගෙන
සතුටින් උඩපනින්න ඇති….

ඊට පස්සෙ කාලෙක,
එදාට
හොස්ටල් එකේ
යාලුවො එකතු වෙලා,
රෑට හොරෙන්
කොට්ටෙ යට තියන
උපන්දින කාඩ්,
පුංචි තෑගි හම්බවෙලා
උදේම සතුටින්
හිත පුරවගන්න ඇති…


ඊටත් පස්සෙ,
පෙම්වතියක් වෙලා,
එදාට
පෙම්වතා
මල් පොකුරු
චොකලට් පතුරු
ගෙනැත් දුන්නම
සතුටින් ඉපිලෙන්න ඇති…
[ හුඟාක්ම ඉස්සර නෙමෙයි ඒ… ]


ඒත් අද…
බිරිඳක් වෙලා
සැමියා රෑ දොළහට වැඩ ඇරිල,
දනි පනි ගාල
ඇරල තිබුන එකම
බොම්බෙ චපාති හෝටලෙන්
බුරියානි එකකුත් ඔතාගෙන
ගෙදර දුවගෙන එනකොට…
දවල් දවසම පුතුත් එක්ක ඔට්ටුවෙලා
මහන්සියට ඔයා නිදි…


සමන්ති.. ඔයාට සුබ උපන්දිනයක් !!!



මැයි 13 දාට යෙදෙන සපතේරු හාමිනේගේ උපන්දිනය වෙනුවෙන් කුරුටු ගෑ සටහනක්….