Skip to content

කාලය මැව් වෙනසක අරුමේ… Happy Birthday !!!

May 13, 2012




පුංචිම කාලෙ,
එදාට
අම්ම තාත්ත
ලස්සන ඇදුම්,
පුංචි බෝනික්කො
ගෙනැත් දෙනකං
බලා ඉන්න ඇති…

ගෙනැත් දුන්නම
ඒව බදාගෙන
සතුටින් උඩපනින්න ඇති….

ඊට පස්සෙ කාලෙක,
එදාට
හොස්ටල් එකේ
යාලුවො එකතු වෙලා,
රෑට හොරෙන්
කොට්ටෙ යට තියන
උපන්දින කාඩ්,
පුංචි තෑගි හම්බවෙලා
උදේම සතුටින්
හිත පුරවගන්න ඇති…


ඊටත් පස්සෙ,
පෙම්වතියක් වෙලා,
එදාට
පෙම්වතා
මල් පොකුරු
චොකලට් පතුරු
ගෙනැත් දුන්නම
සතුටින් ඉපිලෙන්න ඇති…
[ හුඟාක්ම ඉස්සර නෙමෙයි ඒ… ]


ඒත් අද…
බිරිඳක් වෙලා
සැමියා රෑ දොළහට වැඩ ඇරිල,
දනි පනි ගාල
ඇරල තිබුන එකම
බොම්බෙ චපාති හෝටලෙන්
බුරියානි එකකුත් ඔතාගෙන
ගෙදර දුවගෙන එනකොට…
දවල් දවසම පුතුත් එක්ක ඔට්ටුවෙලා
මහන්සියට ඔයා නිදි…


සමන්ති.. ඔයාට සුබ උපන්දිනයක් !!!



මැයි 13 දාට යෙදෙන සපතේරු හාමිනේගේ උපන්දිනය වෙනුවෙන් කුරුටු ගෑ සටහනක්….

17 Comments leave one →
  1. May 13, 2012 6:25 am

    අම්මෝ ඇතියාන්තම්, සපතේරු උන්නැහේ ඇහැරිලා.

    සුභම සුභ උපන් දිනයක් සමන්ති.

    henryblogwalker the Dude

  2. ගල්මල්-Coral permalink
    May 13, 2012 6:42 am

    සුබ උපන්දිනයක් වේවා! දිරිය සොයුරිය.

    තවත් පොස්ට් එකක් වගේ කොමන්ට් එකක් ලියන්න බැරිය. ගල්මල් අඩවියේ කෝමාරිකාවනි දිරිය පොස්ටුවට ඔබ ලියූ සටහන හිතට ආවා:

    //මේ කාන්තාරෙ අපේ ජීවිත එක වෙලාවකට පතොක් ගහකටත් වඩා කටුකයි කියල හිතෙනව…//

  3. May 13, 2012 6:58 am

    සපතේරු සොයුරියට සුබ උපන් දිනයක් වේවා කියලා අපිත් පතන්නම් !

  4. May 13, 2012 9:13 am

    සපතේරු අක්කාට සුබ උපන් දිනයක් වේවා!!!

  5. Nalini permalink
    May 13, 2012 10:54 am

    සපතේරු සොයුරියට සුභ උපන්දිනයක්. වෙහෙස අඩු ඉදිරි දිවියකට ආසිරි.

  6. Gimhani permalink
    May 14, 2012 9:59 am

    සමන්ති අක්කාට සුභ උපන්දිනයක් පතනවා !

  7. Mee Godaya permalink
    May 14, 2012 10:24 am

    සුභ උපන්දිනයක් සමන්ති අක්කේ

  8. තිස්ස දොඩන්ගොඩ permalink
    May 14, 2012 6:15 pm

    හැඟුම්බර සිතිවිලි – නාඳුනන සොයුරියට ප්‍රමාදවූ සුභ පැතුම්!

  9. May 14, 2012 6:22 pm

    සපතේරු අක්කාට සුබ උපන් දිනයක් වේවා!!!

    පාටි පාටි පාට ………………………………………..

  10. දුමී permalink
    May 14, 2012 6:36 pm

    හිතට වැදුනා මචං…! සපතේරු හාමිනේට සුභම සුභ උපන්දිනයක් වේවා….!

  11. May 15, 2012 6:25 pm

    වෙනදට නම් මොනවහරි කුරුටුගාල දැම්මහම සැරෙන් සැරේ ඇවිත් කවුරුත් මොකුත් කියල තියෙනවද කියල බලල හැමෝටම උත්තරයක් දාන එක සිරිතක් වුණත්, මේක දාපු දවසට පහුවදා අහන්න ලැබුනු ඔබා මාමගෙ වියෝ වීම නිසා ඒ වගේ සතුටක් ඇතුව කොමෙන්ට්ස් බලල එකින් එකට රිප්ලයි කරන්න තරම් හිතක් නෑ….

    පෝස්ට් එක කියවපු, කොමෙන්ටු වලින් සුබ පැතුම් එක් කරපු හැමෝටම මගෙත් සපතේරු හාමිනේගෙත් ස්තූතිය… !!!

  12. Bindi permalink
    May 15, 2012 7:51 pm

    පරක්කු වැඩියිද මන්ද . කමක් නැහැ ඒත් පිළිගන්න මගේ සුබපැතුම . ඕක තමයි අපි කාගේත් කතාව .අපිත් ලංගම තියෙන සති අන්තේ තමයි එලියට ගිහින් කාල වත් එන්නේ උපන් දිනේට . සපතේරු හාමිනේට කේක් කෑල්ලක් එවන්න තිබුන ළඟක නම් . අපේ ලොක්කිගේ 12

  13. hasithag permalink
    May 16, 2012 1:31 am

    කාලෙකට පස්සේ ඒකටත් සුබ පැතුම් හාමිනේගේ උපන් දිනේටත් සුබ පැතුම්

  14. ලකීසිරි permalink
    May 19, 2012 11:47 am

    සමාවෙන්න ඕන සුභ පැතුම ප්‍රමාද වුනාට..
    අලුත් අවුරුද්ද දවසේ ඔබ දෙපලගෙන් ලැබුන ආදරණිය සංග්‍රහයෙ සුවද තවමත් තියනවා. ඇය වැනි බිරිඳක් ලැබුන , නූඹ වන් සැමියෙක් ලැබුන ඔබ දෙපලම වාසනාවන්තයි.
    සපතේරු හාමිනේට සුභ උපන්දිනයක් පතමි.

  15. May 28, 2012 3:05 pm

    සමා වෙන්ඩ සපතේරු අයියෙ… මොකක් හේ හේතුවකට මම ෆලෝ කරනව වුණත් මගේ වර්ඩ්ප්‍රෙස් රීඩරේ ඔයාව පෙන්නන්නෙ නෑ.. අක්කට සුබම සබ උපන්දිනයක් පතන්ඩ නං පරක්කු වැඩියි… ඒත් ආයෙමත් කුරුටු ගාන්ඩ ආව එක ලොකු දෙයක්!!

  16. June 28, 2012 8:07 pm

    සුභ උපන් දිනයක් සපතේරු උන්නැහේ.. අනේ ගොඩක් හේතුසාධක නිසා මට බ්ලොග් ලියවිල්ලත් කියවිල්ලත් මග ඇරුනා. සියලු පැතුම් ඉටුවේවා කියා ප්‍රාර්ථන කරනවා.

  17. July 9, 2012 10:59 pm

    අඩේ මේ පෝස්ට් එක මට මඟ ඇරිලා නිවාඩු මාසේ දාපු එකක් නිසා . .. උඹ වගේ එකෙක් ලබන්න සමන්ති වාසනාවන්තයි වගේම සමන්ති වගේ බිරිඳක් ලබන්න උඹ හරිම වාසනාවන්තයෙක් . . උඹලගේ හැම හීනයක්ම හැබෑ වෙලා හිත් හැමදාම සතුටින් පිරී තිබේවා . ..

මොනවම හරි හිතුනනම් කියල යන්න...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: