Skip to content

දුකට කරන විහිලු… Angel of Death ..!!!

November 30, 2011


අද තිස් වෙනිදා… මාසෙ අන්තිම දවස…

අලෙවි ඉලක්ක මත වැඩ කරන කාටත් ඒව සම්පූර්ණ කරගන්න තියෙන අන්තිම දවස… අලෙවි ඉලක්ක වලට වැඩ කරන කෙනෙක්ටම තමා ඉතින් මාසෙ අන්තිමට තියෙන පීඩනය තෙරුම් ගන්න පුළුවන් වෙන්නෙ…

මේ මුදල් අවුරුද්දෙ මුල ඉඳන්ම මාසයක් ගානෙ අලෙවි වාර්තා බිඳිමින් අලුත් වාර්තා තියමින් කරණම් ගහපු මට මේ මාසෙ සොරි තමා… එක හේතුවක් ඉතින් එහෙම අලෙවියක් පෙන්නපුවහම මාසෙන් මාසෙ ඉලක්ක ඉහල දාන එක… ඕව ඉතින් කියල වැඩක් ඇතෑ…

ඉතින් සීයෙට අනූ ගානක් කරල පොඩි එහා මෙහාවකින් ගහල යන්න යන ඉලක්කෙ ගැන කල්පනා කර කර ඉන්නකොට ( ඉලක්කෙ කිව්වට ඉලක්කෙමත් නෙමෙයි … ඇයි ඒක කලහම ලැබෙන පඩියෙන් හතරෙන් පංගුවක් විතර වෙන අමතර පාරිතෝෂික මුදල ගහල යන එක.. ) අද උදේ පරණ යාලුවෙකුගෙන් BBM එකක් ආව… ඒක පොඩි විහිළු කතාවක්…

අන්න ඒ කතාව තමා අද දාන්නෙ… පොඩිම පොඩි විහිළුවක්…

කතාව මේකයි…

මනුස්සයෙක් තමුන්ගෙ පාඩුවෙ නිදාගෙන ඉන්න තැනට මාරය ඇවිත් (නෑ.. නෑ ..මේ මරණය භාර එකා) කියනව .. “මම නුඹව වසර සීයකට මරණයෙන් නිදහස් කරනව… පලයන් ගිහින් තමුන් කැමති දෙයක් කරල හිටපන්… උඹව මැරෙන්නෙ නෑ තව අවුරුදු සීයකට ” කියල.

අර මිනිහත් හොඳ ජොලියෙන් ඇවිදින්න යන්න හිතාගෙන පාරට බැහැල යන්න හදනකොටම.. වාහනයක හැප්පිලා එතනම් මැරෙනව…

මිනිහ පර ලෝකෙට ගිය හැටියෙම මාරය හොයාගෙන යනව… “මොකක්ද ඕයි තමුසෙ මට කරපු වැඩේ.. මොකද මාව රැවැට්ටුවෙ..?” කියල අහනව…
.
.
.
.
මාරය කියනව… “සමාවෙයන් මිත්‍රයා… මාසෙ අන්තිම… මට ටාගට් එකට පොඩ්ඩක් මදිවුණා.. !!!”


පින්තූර ගත්තෙ මෙතැනින්..
http://mk-dragon.deviantart.com/

51 Comments leave one →
  1. November 30, 2011 2:59 pm

    මට මතකයි ඉස්සර බස් කොන්දොස්තරල අතින් පොඩි ගානක් දාල දවසෙ ටාගට් එක හදනව, මොකද ඉන්සෙන්ටිව් දීමනාව ඊට හුඟක් වැඩි හින්ද

    • November 30, 2011 4:03 pm

      පොච්චියේ අපේ ඩෙෆිසිට් කවර් වෙන්න අපි සපත්තු ගත්තොත් පොඩි කඩයක් දැම්මැහැකි ලංකාවෙ…

  2. November 30, 2011 3:09 pm

    ඕ,,,,,,,,,,,,,, ” ටාගට් කවර් කිරීම” , මටත් ඇහෙන බොහොම අප්‍රසන්න වචනයක්. බලන් ගියහම මාරයට කියලත් ඒකෙ වෙනසක් නෑ වගේ 😀 😀

  3. මාරයා... permalink
    November 30, 2011 3:33 pm

    ඕ යේෂ් ඔබා අයියා..අපි එහෙම කොරනවා තමා… සීයට තුන හොයලා හතරට ඔන්න මෙන්න කියලා තියෙනකොට කොහොමද අයියා ඒක අතෑරලා..කරකෝලා දානවා මැෂිම…

    දැන් මේ සපා කලෙත් මාරයා..නැහැ නැහැ මගේ ඩුප්ලිකේට් එකා.. කරපු දේමද..? දන් මේක බලන ගැනුම්කාරයෝ එහෙමත් ඉන්නවද..සිහි කැඳවීමක් කෙලින්ම කරන්න බැරි බඩු ටික රිලීස් කර ගං යකෝ කියලා කෙලින්ම කියන්න බැරි…:D:D:D

    • November 30, 2011 4:08 pm

      අනේ බං , අපේ මේ සිල්ලර වෙලඳාමෙ ඉතින් එහෙම එකපාර රිලීස් කරගන අපිව ගොඩදාන්න බඩු ගන්නෙ ඉතින් ඔය ඉඳල හිටල එන අප්‍රිකාවෙ කල්ලො තමා… උන් මේ බ්ලොගේ කියවන්නෙ නැති එක නෙ වැඩේ…

      • මාරයා... permalink
        November 30, 2011 5:23 pm

        කළු එවුන්ට පුරුදු කරමු බ්ලොග් කියවන්න..
        බ්ලොග් කියවල අපෙ සපාගේ සපත්තු ගන්න..
        අනේ… මූට ටාගට් එක කවර් කරන්න..
        අපි කළු එවුන්ට පුරුදු කරමු බ්ලොග් කියවන්න…

  4. November 30, 2011 3:42 pm

    ටාගට් ටාගට් එහෙ බැලුවත් ටාගට් මෙහෙ බැලුවත් ටාගට්!!!
    සපතේරු අයියලට අඩු ගාණෙ ගතමන්ට් එකක් වත් ලැබෙනව.. අපි ටාගට් කවර් කරන්නෙ අතිං කාල…

    • November 30, 2011 4:09 pm

      හංසකිංකිණි නගේ ,
      ටාගට් කලත් නැතත් වෙනසක් නැත්නම් ඉතින් කට්ටිය උනන්දු කරවන්නෙ කොහොමෙයි…

  5. November 30, 2011 3:49 pm

    //ඇයි ඒක කලහම ලැබෙන පඩියෙන් හතරෙන් පංගුවක් විතර වෙන අමතර පාරිතෝෂික මුදල ගහල යන එක.. //

    අනේ ඉතින් මේක ගහලා ගියාද?

  6. November 30, 2011 3:54 pm

    ගිය සතියෙ සෙට් උන වෙලාවෙ අපිටත් එන්න කිවුව සේල් එකක් කියල.
    බලාගෙන ගියහම ඒක ටාගට් කවර් කරන සේල් එකක් වගේ…………… :DDD

    • මාරයා... permalink
      November 30, 2011 3:58 pm

      හරි බඩුම තමා..මං හිතුවා හරි.. මේකත් මාරයට එහා ලෝකයා…:D

    • November 30, 2011 4:13 pm

      ආයුබෝවන් රුචා..

      ඒක නේන්නම් බං වැඩේ.. එහෙම කරලවත් මේක ගොඩදාගන්න බැලුවෙ… 😀

  7. November 30, 2011 4:15 pm

    ටාගට් කවර් කිරීම කියන්නෙ ක‍ටුනායකදි ලබාපු බොහොම අප්‍රසන්න අද්දැකීමක්.

    • November 30, 2011 4:27 pm

      මචෝ ප්‍රොඩක්ෂන් ටාගට් කවර් කරනව කියන එකත් අමාරු තමා ඒත් නැහිල හරි කලෑකි… ඒත් සේල්ස් ටාගට් ගොඩදානව කියන එක පන යන මඟුලක්…

  8. November 30, 2011 4:32 pm

    දුක තමා රංජනී . . අපි ඇවිත් ඩිරාහ්ම්ස් සීයක මක්කවත් ගත්තට උඹේ ටාගට් එකට බලපෑමක් නොවෙන නිසා ඔන්න ඔහේ උඹේ දුක් මූන බලන්න නෑවිත්ම ඉන්නම් බන්

  9. November 30, 2011 5:07 pm

    හෆොයි…මාරයා ඕන්න ඔහොමයි ටාගට් කවර් කරන්නෙ !

    • මාරයා... permalink
      November 30, 2011 5:24 pm

      උඹ දැක්කනේ බුකියේ..මං ටාගට් කවර් කලේ වේලපහම…:D

    • December 3, 2011 6:26 pm

      ඒක වෙන්න ඇති ඕකට මාරය කියන්නෙ..

  10. November 30, 2011 6:12 pm

    මටත් තියනව මාසෙ ටාගට් එකක් . . මට ඒක කවර් කලත් එකයි නැතත් එකයි. කවර් කලා කියල ලැබෙන ලබ්බක් නෑ . . . කවර් නොකලොත් ලොක්ක බනින්නෙත් නෑ . . . මොකද . . . සේල්ස් කරන්නෙ මම නෙමේනෙ . . . මට තියෙන්නෙ ප්‍රඩක්ෂන් ටාගට් . . . .

    • December 3, 2011 6:27 pm

      උඹ පණ දාගෙන හදන මාලු ටික විකුනගන්න අරුන් ඉතින් මාරයටත් එහා බොරු කිය කියා ඇවිදිනව ඇති..

  11. December 1, 2011 2:12 am

    දෙයියනේ කියල , මම වැඩ කරන තැන ටාගට් නැහැ.මහජන සේවයට ටාගට් නැහැනේ. ඉන්ටෙන්සිව් ද මොනාදත් නැහැනේ.හැබැයි මාසෙ අන්තිමේ වාර්තා නම් කෝටියයි තව එකයි.

    • December 3, 2011 6:30 pm

      ආයුබෝවන් වත්..

      මහජන සේවයට ටාගට් නැති එක නම් අපරාදයක්… ඒ වගේම ඉන්සෙන්ටිවුත් දෙන්න ඕනැ…

  12. December 1, 2011 4:34 am

    මමනං ඔය ජාතියේ රස්සාවල් තාම කරලා නෑ…දැංනං එකම ටාගට් එක සිකුරාදා පන්නන එක..මොකද ඊලගට එන්නේ බොනසුරාදානේ…..

  13. December 1, 2011 6:27 am

    ඌ නම් මාර මාරයෙක් තමා…

  14. December 1, 2011 6:51 am

    අන්න බලන්න පිංවතුනි මනුස්සයා අමනුස්සයා වෙන තැන් 🙂

  15. December 2, 2011 2:42 am

    හික්…හික්… බලාගෙන ගියාම මාරයත් කරන්නෙ ලේසි පහසු රස්සාවක් නෙමෙයි වගේ…

    මමත් කවදාවත් ටාර්ගට් තියෙන රස්සා කරලා නැහැ
    (කරන්න ලැබෙන එකකුත් නැහැ)

  16. Nalini permalink
    December 2, 2011 11:39 am

    අසරණ මාරයත් සපා වගේමයි බලං ගිහාම. 😀

  17. December 3, 2011 5:28 am

    මයියාත් ටාර්ගට් වලට සම්භන්ද ජොබ් එකක් උ/පෙ ලියපු අළුත කරලා තියෙනවා…මුල් දවස් වල එපා උනා….පස්සේ පොඩි ක්‍රමයක් හදා ගත්තා…උත්තරය උනේ ‘සාමුහිකත්වයයි.’……අරයාට අඩු එක මේයාගෙන් දේනව…මේයාට අඩු එක අරයගෙන් ගන්නවා…..අන්තිමට සේල්ස් කරන අයයි කොම්පැනියයි ඔක්කොමල දිනුම්….වින්-වින් සි‍ටුවේශන්…

    • December 3, 2011 6:39 pm

      මමත් ලංකාවෙ ඉන්න කාලෙ ඖෂධ මාෆියාවෙ වැඩ කරද්දි එහෙම කරල තියෙනව… මොකද ඉන්සෙන්ටිව් එක එන්නෙ ඉන්දියාවෙ මව් සමාගමෙන්… එකෙක් ඕවර් බජට් කරල අනික හිස් අතින් යවන්නෙ මොකටද… විසි පස් වෙනිද වෙනකොට සමාලෝචනේ කරල වැඩේ දෙනව…

  18. ලකී permalink
    December 5, 2011 1:24 pm

    මට පේන විදියට මාසෙ අග වෙනකොට සිටි සෙන්ටර් එක පැත්තෙ යන එක ඇඟට ගුන නැහැ වගේ…….

    අපිට ඔය ඉදලා හිටලා ඩෙඩ්ලයින් එකක් ලැබුනට ඔය වගේ ටාගට් නම් නැහැ. තියන එකම ටාගට් එක ඉක්මනට ගෙදර යන එක තමයි.

    • December 5, 2011 2:34 pm

      අපොයි ඔව් හාමුදුරු කෙනෙක් ආවත් සපත්තු විකුණලයි අරින්නෙ… අපි ඉතින් අර ඇස්කිමෝලට අයිස් ක්‍රීම් විකුණන වංශෙ නොවැ…

  19. Kandyan permalink
    December 5, 2011 4:30 pm

    ඔය ටාගට් මොනවද ගෙදර උන්දෑ දෙන ටාගට් මලපුවාම. 🙂

  20. December 5, 2011 8:28 pm

    very hard to comment . difficult to cut and paste.

  21. December 10, 2011 11:52 am

    අපිට තීන ටර්ගට් එක්ක ඔව්ව මොනාද බං? ප්‍රොජෙක්ට් එක වෙලාවට ඉවර කරගන්න ඕන. ප්‍රොෆිට් වෙන්නත් ඕන. වෙලාවට ඉවරකරන්න වැඩිපුර කට්ටිය දාන්න වෙනව, ඔවෙර්ටයිම් කරන්න වෙනව, ප්ලාන්ට්ස් ඕන වෙනව, එතකොට කොස්ට් එක නගිනව. කවදහරි ප්‍රෙෂර් නැගල අපි මැරෙනව!

  22. BUDDIKA permalink
    December 10, 2011 2:08 pm

    මරයට ටාගට් එකක් තියෙනවනම් පොලිසියට තියෙන එකේ වැරද්දක් නැහැ නේ

  23. December 30, 2011 9:50 am

    ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා – [නවම්-චූටිමැණිකේ-ලීනු]

  24. January 9, 2012 7:55 pm

    අපේ පැත්තෙත් සෙට් එකක් ඉන්නවා උන්ගේ කම්පැණියේ ටාගට් කවර් කලාට පස්සේ සති දෙක තුනක් එක දිගට නිකම් ඉන්න දෙනවා වැඩට ගියාට වැඩත් නැහැ ඒත් පඩි තියෙනවා :))

  25. මාරයා... permalink
    January 17, 2012 10:21 am

    ආයේ ලියනවද නැත්තං ලිස්ට් එකෙන් එළවන්නද..?
    :D:D:D

  26. January 23, 2012 4:01 pm

    අපිට නම් එකම ටාගට් එකයි. අලුත් වෙන ටාගට් නෑ. එකම එකයි “ජීවිත ජීවත් කරවීම”. මාරයත් හරි විහිලු කරන්නේ

  27. March 3, 2012 3:12 pm

    කෝ තාම ටාගට් කවර් කරනවද ? අලුත් මොකුත් ලියන්නේ නැද්ද ?

  28. May 11, 2012 5:12 am

    “සරත්,

    සංවේදී හිතක් සියුම්ව කම්පනය කරවන කතාවක්….ඉංග්‍රීසි රචනාවේ පවා එය ඉතා හොඳින් ගැබ්ව තිබුණා.. ඔබ එය තවත් තීව්‍ර කලා…

    සරත්, නුදුරු අනාගතයේ දවසක මට ඔබත් සමග බෙදාගන්න පුද්ගලික අත්දැකීමක් තිබෙනවා… මන්ද එය බෙදාගත හැක්කේ එය මා තරමටම නැතත් යම් තරමකට විඳ(වා) ඇති ඔබ වන් අයෙක් සමග නිසා…”
    සපතේරු උන්නැහේ

    මේ ඔබ බොහෝ කලකට පෙර මගේ බ්ලොග් එකේ ලියු සටහනක්.. තාමත් මන් බලන් ඉන්නවා ඒක අහන්න .. මොකද දැන් නොලියන්නේ ?

මොනවම හරි හිතුනනම් කියල යන්න...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: