Skip to content

පාදඩයා – 2 – සාපේක්ෂතාවාදය

June 18, 2011

මේ දවස්වල පට්ට බිසී..

අපි ඉන්න අරාබි හන්දියෙ ( වචනෙ දුමීගෙ ) මුදල් වර්ෂය ඉවර වෙන්නෙ ජූනි මාසෙන්. ඉතින් මේ දවස්වල පහුගිය අවුරුද්දෙ වෙළඳාමෙ ප්‍රගති සමාලොචන, එන අවුරුද්දෙ වෙළඳාමට උපාය මාර්ගික සැලසුම් හදන්න, වගෙ අටෝරාසියක් වැඩ…

එත් ලියන්න පටන්ගත්ත මුලම නොලිය අරින්න හොඳ නැති නිසා පොඩි පෝස්ට් එකක් දාන්න හිතුවෙ..

මේකෙ නමට සාපේක්ෂතාවාදය කියල දැම්මට මම නම් ඔය ඇල්බට් අයින්ස්ටයින් උන්නැහෙ හොයාගත්තයි කියන සාපේක්ෂතාවාදය ගැන නම් මෙලෝ හසරාමයක් දන්නෙ නෑ….
මම මෙතෙන්දි සාපේක්ෂතාව කියන වචනාර්ථය විතර්යි ගත්තෙ ඕං. වියතුන් සභා මැද කතන්දර කියන්න කලින් ඒක කියල ඉන්න එපැයි…

එක අතකට සාපේක්ෂතාව කියන එකත් හරි පුදුම දෙයක්… ඕක මේ හැමතැනම තියෙනවනෙ… දැන් ඔය භාෂාවල තියෙන විශේෂණ වලින් වැඩිහරියක් ( පාට ගැන ඇර අනික් ඔක්කොමද මන්ද ) කරන්නනෙ මොකක් හරි ගුණයක් තව එකකට සාපේක්ෂව විස්තර කරන එකනෙ… දෑන් බලන්න උස ළමයා කියන්නෙ කොට ළමයාට සාපේක්ෂවනෙ…හොඳ ළමයා කියන්නෙ නරක ළමයාට සාපේක්ෂවනෙ… හැම තැනම එහෙමයි…

මං දැක්ක මේ ළඟදි නලීන් ද සිල්ව උන්නැහෙ කියල තියෙනව ඔය ඉර වටේ පොළොව කැරකෙනව කිව්වට ඔන්නම් පොළොවට සාපේක්ෂව ඉර පොළොව වටේ කැරකෙනව කියලත් කියන්න පුළුවන්ලු…. ඔය නිරපේක්ෂ චලිතයක් කියල දෙයක් නෑ කියන්නෙ .. අනේ මං දන් නෑ ඕව..


මගෙ කතාව ඕක නෙමෙයි මගෙ කතාව මේකයි…..

කලින් පෝස්ට් කියවපු දහ පහළොස් දෙනා නම් දන්නව කොල්ලුපිටියෙ පාර අයිනෙ හිටපු පාදඩය ගැන.ඒ කතාව මෙතැන ඇති. මේ කථාවත් පොර ගැනම තමා…

මට දවසක් පොරගෙන් සාපේක්ෂතාව ගැන හොඳ පාඩමක් හම්බවුණා..

කලින් සිද්ධිය වුණාට පස්සෙ අපිට පොර ගැන පොඩි රෙස්පෙක්ට් එකක් ඇතිවුණා.ඉතින් අපි ඔතනින් යන ගමන් පොර මොකද කරන්නෙ කියල බලනව.. සමහරදාට පොර මොනවද කුරුටු ගානව.. සමහරදාට පරණ ඉංග්‍රීසි පොත් කියවනව….

කොහොමටත් අපිට තේරුණා පොර වැදගත් පවුලක එකෙක් මේ හිඟන්න වෙලා හිටියට කියල….

දවසක් මම ඔතනින් තනියම යන වෙලාවක පොර දුමක් ගහගෙන කල්පනාවක ඉන්නව.මමත් නිකම් යන ගමන් පොරට කීයක්වත් දෙන්න ඕනෙ කියල හිතල රුපියල් 5 ක් දුන්න. ( ඔන්න කියවන කට්ටිය අවඥාවෙන් බැලුව… එහෙම බලන්න්ට කාරි නෑ ඔය කියන කාලෙ පාන් රාත්තලක් තුනයි පනහයි….නෑ ..නෑ… හැට ගනන් වල නෙමෙයි… අනූ ගනන් වල මැද හරියෙ… ).

දීල මටත් නිකම් ඉන්න බැරි කමට පොරත් එක්ක ටෝකක් දාන්න ඔනෙ කියල හිතිල මම ඇහුව..

“I can see that you are from a respectable family, but why do you live in the street like a beggar ?”

( “තමුන් වැදගත් පවුලක කෙනෙක් වග පේනව, ඇයි මෙහෙම හිඟන්නෙක් වගේ පාරෙ ඉන්නෙ ?” ) කියල ….

පොර ගත් කටටම කිව්වෙ මොකක්ද දන්නවද…

” You compare yourself with the beggar, and you feel like a king ; but if you compare yourself with the king , you will feel like a beggar ! “

( ” උඹ හිඟන්නව උඹට සන්සන්දනය කළහම හිතෙන්ව උඹ රජෙක් වගේ කියල,හැබැයි උඹ උඹව රජාට සන්සන්දනය කළොත් හිතෙයි උඹ හිඟන්නෙක් වගේ කියල ” )

ඔන්න මම රුපියල් පහකට ඉගෙන ගත්ත සාපේක්ෂතාවාදය… පාඩු නෑ නේද..?

29 Comments leave one →
  1. Gimhani permalink
    June 18, 2011 6:34 am

    හික්ස් .
    රුපියල් 5ට මෙහෙම කිව්වනම 10ක් දුන්නනම් කෝම කියාවිද.
    ඔයා මේ දාල තියෙනෙ පින්තූරෙට මම ආසයි.

    හැබෑද ඉතින් තාමත් නාන්න හොරද ඔයා??

    • June 18, 2011 12:01 pm

      10ක් දුන්නනම් lecture එකක්ම ගන්න තිබුන…

      පින්තූරෙ නම් නෙට් එකෙන් ඇහිඳ ගත්තෙ…

      නෑ…. නෑ…. මේ අරාබියෙ නොනා හිටියොත් ලුණුපොල්කට්ට වගේ වෙයි…. ඊයෙ දවලුත් 48 C…

      Thanks !! ආවටත් කොමෙන්ටුවටත්…

  2. නලිනි permalink
    June 18, 2011 12:48 pm

    ගෙවලා ඉගෙන ගත්තහම අධ්‍යාපනේ වටිනාකම වැඩියෙන් දැනෙනවා කියලා සමහරු කියන්නෙ ඕක වෙන්ඩැති. 😀
    මනුස්සයා බොහොම බුද්ධිමත් කෙනෙක් වෙන්ඩ ඕනෙ. ඔය උත්තර දෙන්නෙ ක්ෂණිකවනෙ; කල්පනා කරලා හදාගෙන නෙවෙයිනෙ.

    • June 18, 2011 1:08 pm

      නිකන් දෙනකොට මොන දෙයක්වත් වටින්නෙ නෑනෙ….
      දැන් බලන්නකො දොස්තර නෝනත් සම්බන්ධ සෞඛ්‍ය සේවාව…ලංකාවෙදි නොමිලෙ ලැබෙන්නෙ…. හැබැයි දොස්මයි කියන්නෙ…. මට මේ ගිය සතියෙ පොඩි කැස්ස හෙම්බිරිස්සාවක් හැදිල මෙහේ GP කෙනෙක්ගෙන් බෙහෙත් ගත්ත… රුපියල් වලින් බැලුවොත් 6400ක් විතර ගියා… consultant කෙනෙක් ගෙන් හෙම ගත්තනම් කොහොම හිටියිද….

      මම හිතන්නෙ මිනිහ පොත් කියවීමෙන්ම ලබාගත්තු පුදුම දැනුමක් තියෙන කෙනෙක්… පාරට වැටිල හිටියත් අඬු කැඩුනු කණ්නාඩියක් දාගෙන මිනිහා නිතරම පොත් කියෙව්ව…

  3. Hasitha permalink
    June 18, 2011 6:31 pm

    තව ඉස්සරහාට හොඳ හොඳ පාඩම් ටිකක් අහන්න පුලුවන් වෙයි වගේ……….

    • June 19, 2011 2:31 am

      ඒ පාදඩයගෙන්ම නොවුනත්…. මිනිසුන් අතරෙදි ඉගෙනගත් තව බොහෝ දේ තියෙනව…. මට මතක හැටියට තව ලියන්න බලන්නම්….

  4. June 18, 2011 6:46 pm

    ඇත්ත තමයි අපි හැමෝම හිගන්නෝ ..උපන්දා සිට මැරෙන කම්ම !

    • June 19, 2011 2:34 am

      එහෙම හිතෙනකොට තමුන්ව හිඟන්නෙක් එක්ක සන්සන්දනය කරල බලන්න…
      ඔන්න සඳරුත් රජෙක් කියල හිතෙයි…

      ස්තුතියි ආවට..

  5. Bindi permalink
    June 19, 2011 10:39 am

    සැහෙන බුද්ධිමතෙක් . ඔය මනුස්සය රුපියල් පහ නොදුන්නත් ඔය උපදෙශේ දෙන බව ෂුවර් . සල්ලි මත මැරෙන කෙනෙක් නොවේනේ. මැක්සිම් ගෝර්කි වගේ මිනිස්සු ඉගෙන ගත්තේ ඔය වගේ මිනිස්සු ඇසුරු කරලා තමයි. ළමාවිය …මගේ සරසවි….මිනිසුන් අතර …[ඔන්න නලිනි ගින්නක් ] . ඇයි මාර්ටින් වික්‍රමසිංහ ..

    ළමයි නැති විට ළමයි ඉන්න අම්මල අපිට පෙන්නේ රැජිනියෝ වගේ . කොයි දේත් එහෙමයි. බෙහෙත් වල මිල ගැන කියනවා නම් අපි යන ක්ලිනික් එකේ ඩොකෙක් යන්තම් ෆයිල් එක පෙරලුවත් ඩොලර් 100 කට එහා . රක්ෂණයක් නැත්නම් මලා තමයි. කවුරු හරි මෙහෙ එනවනම් පොඩි හරි මෙඩිකල් රක්ෂණයක් අරන් එන්න . මතක් වෙච්ච වෙලාවේ කිව්වේ.

    • June 25, 2011 1:00 pm

      බින්දි.. මැක්සිම් ගෝර්කිගෙ පොත් කියවල තමයි මට මිනිසුන් දිහා පිටින් බලල තේරුම් ගන්න එක කොයි තරම් වැරදිද කියන එක අවබෝධ වුනේ…

  6. මාරයාගේ හෝරාව... permalink
    June 19, 2011 4:16 pm

    මං තාමත් හිතන්නේ මගේ ජීවිතේට හම්බඋන හොඳම ගුරුවරයා මට වින්කල් වැඩ කියා දීපූ දෙකේ පන්තියට විතරක් ඉගෙන ගත්ත..අවුරුදු කීපයක් මානසික රෝහලේ ප්‍රතිකාරත් ගත්ත වින්කල් බාසුන්නැහේ කියලා…

    • June 25, 2011 1:05 pm

      ගුරුවරයා කියන්නෙ තමන් දන්න දේ අවංක අදහසින් තව කෙනෙකුට කියල දෙන කෙනා.. ඒකට එයාගෙ අධ්‍යාපනේ බලපාන්නෙ නෑ…
      දූයිෂෙන් හරියට හෝඩියවත් දැනගෙන හිටියෙ නෑ…

  7. June 20, 2011 5:58 am

    උදේ පාන්දරම හිතට වැදෙන දෙයක් මතක් කරලා දුන් පොස්ට් එකක්. අර හන්දියට එපිට හන්දියකින් ගිහින් නෙළුම් විලෙන් ගොඩවෙලා මේ පැත්තට අවේ අද නොවැ. කියවන්න ගොඩාක් ඇත, වෙලාව හිඟාගෙන එන්න ඕනේ.

  8. Luckey permalink
    June 23, 2011 10:15 am

    කතාව නම සම්පුර්ණ ඇත්ත..

    අර වික්ටර් රත්නායක අපි ඔක්කොම රජවරු සිංදුව කිව්වෙ ඔය ගැන හිතලා වෙන්න ඇති….

    • June 25, 2011 1:26 pm

      ලකී..

      අපි රජවරු වෙන්නෙත් … හිඟන්නො වෙන්නෙත් අපි හිතන විදිහෙන්නෙ.. ඕක තේරුම් ගත්තම ජීවිතේ ලේසියි…

  9. June 25, 2011 4:26 am

    මේ ලෝකේ කොච්චර පිස්සුවක්ද කියලා තේරෙන්නේ පිස්සෙකුට විතරයි. මිනිස්සු වැඩකට නැති දේවල් වලට මුලු ජීවීත කාලේම මහන්සි වෙනවා දැක්කම් සැබැ ලෝකය යැයි හදුනවන ලෝකය කොච්චර පිස්සුවක්ද…මයියා ටත් දවස් දෙක තුනක් පිස්සුවක් හැදිලා තියෙන් හින්දා තමයි මෙහෙම් කියන්නේ..වැඩේ තියෙන්නේ ඒ පිස්සුව ට මයියා මෙච්චර බය ඇයි ද කියලයි..යථාර්තය ( එහෙම දේයක් තියෙනවනම්..) එච්චර බිහිසුනුද?
    ( ආ අර පිස්සුව හදාගන්න ඒ දවස් වල නම් රු 20 ක් හොදටම ඇති..දැන්නම් මO හිතන්නේ රු 50 ක් හෝ 100 ක් තමයි)

    • June 25, 2011 1:31 pm

      මයියා…

      ස්තුතියි මේ පැත්තෙ ආවට… ඔය තාවකලික පිස්සුවෙ තියන දුක ආයි ටිකකින් අර බිහිසුනු යථාර්තෙටම එන්න වෙන එකනෙ… ඉතින් යථාර්තෙම ඉන්න එක හොඳයි… එත් ඇත්ත නම් යථාර්තය බිහිසුනුයි කියන එක තමා..

  10. June 27, 2011 12:30 pm

    මොනව වුනත් හිඟන්න නියම පාඩමක් ඉගැන්නුවේ . . .

    දවස් ගානක් (ඇත්තෙන්ම මාසයකට වඩා වැඩී) තිස්සේ ලියන්න ඉන්න කතාවට මේ කියපු දේ (සාපේක්ෂතාවාදය ) ලොකු සම්බන්ධයක් තියෙනවා.

    කවදා හරි ඒක ලියන්න ඇහැක් උනොත් ඔබතුමාට කියන්නම් . . .

  11. June 29, 2011 12:25 pm

    පුදුමයක් නැහැ.. පාරේ ඉන මිනිස්සු අතරේ ඔය වගේ උගත් අය ඉන්නවා. මන බෝම්බයේ ඉන්නකලේ පිස්සෙක් වගේ පොත ගත්ත ..පාරේ පොත් විකුණන මනුස්සයෙක් මගේ යාළුවා උන. ඒ මනුස්සය මට කියවන්න පොතක් තොරලදුන්නම මං හිතුව අපොයි මේක මහා බොළඳ කතාවක් වෙන්න ඇති කියල. නැහැ. එක බොහොම හොඳ කෘතියක්.. කියවල තියෙනවද kyte runner ? ඊට පස්සේ මං එය කියන පොත් අරන් කියෙවුව. අපරාදේ මං ඉන්දියවෙන් අපු නිසා මට ඒ මනුස්සයාගේ ආශ්‍රය නැති උනා..

    • June 29, 2011 12:41 pm

      ඔව් සරත්.. මම කියවල තියෙනව.. ඉස්සෙල්ල කියෙව්වෙ සිංහල පරිවර්තනය… ලංකාවට ගිය වෙලාවෙ අපේ නෑන ලඟ තිබිල… පස්සෙ ඉංග්‍රීසි පරිවර්තනයත් කියෙව්ව.. මම ජීවිතේට කියවපු හොඳම පොත් වලින් එකක්…
      මම සැරයක් මාරයට කියවන්න කියල යෝජනාවකුත් දුන්න.. මෙන්න මෙහෙම

      • June 29, 2011 1:12 pm

        බ්ලොග් අවකාශෙ දෙන්නෙක්ම හොඳ කියන නිසා මම පොඩි සර්ච් පාරක් දාලා kyte runner.pdf එකක් භා ගත්තා..බලමු කියවලා

        • June 29, 2011 1:41 pm

          Luckey..
          අනිවා ඔබේ කාලය අපතේ යන්නෙ නෑ… අපි දෙන්න විතරක් නෙමෙයි මම මාරයට දාපු කොමෙන්ට් එකට පහලින් ඔබ්සර්වර් මහත්තයත් අනුමත කරල තිබුණ ඔය පොත..

    • July 9, 2011 11:21 am

      කාලිඩ් හොසේනි ගේ කයිට් රනර් kite runner කියන්නේ ඉස්තරම් කතාවක්. ඒ කතුවරයා ගේ ම අනිත් පොත තමයි ද තවුසන්ඩ් ස්ඵෙලන්ඩිඩ් සන්ස් a thousand spendid suns

  12. kelum permalink
    July 23, 2011 12:22 am

    ඔයාගේ බ්ලොග් එකේ තියෙනවා සරල සිත් ගන්නා බවක්, ඒ නිසා අද දවසේ ගොඩක් පොස්ට් බලල ඉවර කළා…
    හොඳයි, දිගටම කරගෙන යන්න….
    මම ඔය කියන මනුස්සයාව දැකල තියෙනවා
    ඒත් කතා කරන්නනම් අවස්ථාවක් ලැබුනේ නැහැ
    මගෙත් අවධානය බොහොම දිනා ගත්තු මනුස්සයෙක්
    මම දැකල තියෙනවා ඒ මනුස්සය එක්ක සුද්දියෝ එහෙම හොඳට කතා කරලා සමු ගන්න වෙලාවට hug කරලා එහෙමත් යනවා
    ඒ වගේම එයාගේ අත් අකුරු පුදුම ලස්සනයි, මම මේවා දන්නේ මාගේ ඒක පුරුද්දක් තියෙනවා මිනිස්සුන්ව නිහඩව ගවේෂණය කරන
    මම අවුරුදු දෙක හමාරක් කොල්ලුපිටියේ වැඩ කළා, ඒ කාලේදී මම බොහොම ආසාවෙන් අධ්‍යනය කරපු චරිතයක් තමයි මේ මනුස්සයා
    මට මතක විදිහට 2008 අවුරුද්දේ වෙසක් හරි පොසොන් හරි පෝයට කොල්ලුපිටියේ ත්‍රීවීල් පාර්ක් එකේ කට්ටිය ඔය මනුස්සයාව හොඳට නාවල පිරිසිදු කළා

  13. July 23, 2011 1:28 pm

    කැලුම්..

    බොහොම සතුටුයි මේ පැත්තෙ ආවට…

    “මිනිසුන් අතර” ජීවත් වෙන ගමන් මිනිසුන් දිහා බලල තමයි මම ජීවිතය ඉගෙන ගන්නෙ…

    සමාන අදහස් තියෙන කෙනෙක් අඳුරගන්න ලැබීම සතුටක්… නැවත ඉඩ ලැබුණ විටක ඇවිත් යන්න…

  14. November 26, 2011 3:35 pm

    රුපියල් පහකට ගොඩක් දේවල් ඉගෙන ගෙන නේ. මරු පාඩමක්. සාපේක්ෂතාවාදය නිසා තමයි ලස්සන, හොද, නරක, උගත්කම වගේ දේවලුත් මනින්න පුලුවන් වෙන්නේ. එහෙම තමා මට හිතුනේ. ඔය රුපියල් පහක් දුන්නේ හොරගොල්ලේ නෝනලාගේ ආණ්ඩු කාලේ වෙන්ටෑ. 🙂

Leave a reply to Sarath lankapriya Cancel reply