Skip to content

ලොං දුන්න

June 7, 2011


මේක මං පොඩිකාලෙ වෙච්ච සිද්ධියක්..

ඒත් එදා මට දැනුණු ඉතාම සියුම් කම්පනය එදා ඉඳන්මත් ,අවුරුදු 23 ක් විතර ගෙවිලත් තාමත් මට මිනිස්සුත් එක්ක තියෙන හිතවත්කම් වලදි කාගෙවත් හිත් නොරිද්දන්න පරිස්සම් වෙන්න උදව් වෙනව…..
ඒක නිසා වෙන්න ඇති මාව කිට්ටුවෙන් ඇසුරු කරපු ඕනෙ කෙනෙක් මං ඈත් වෙද්දි දුක් වෙන්නෙ…

මේක වෙන කාලෙ මම ඉස්කෝලෙ හොස්ටල් එකේ නැවතිලා හිටියෙ….. මම නිවාඩුවට ගෙදර ගිය දවසක මට අපේ ජෑන්ත අයිය ලොං දුන්නක් හදන හැටි කියල දුන්න… එයාට ඒක කියල දීල තියෙන්නෙ කළුබණ්ඩගෙ පුතාලු….

කළුබණ්ඩල ගැනත් පේළි දෙකක් ලියල ඉන්නම්කො ලොං දුන්න ගැන ලියන්න කලින්…

අපේ අයිය කෙනෙක් ඉන්නව කැලෑ මහත්තයෙක් , (ඔය මං කියපු ජෑන්ත අයියගෙ මල්ලි – මේ දෙන්නම අපේ ලොකු නැන්දගෙ පුතාල ) එයා කාලයක් ඔය බදුල්ල පැත්තෙ කැලේ වවන මොකක්ද ව්‍යාපෘතියක් කළා, කළුබණ්ඩල ඉන්නෙ අන්න ඒ පැත්තෙ , බදුල්ලෙනුත් හැතැක්ම තිහ හතළිහක් ඇතුලෙ තියෙන කැලෑ ගමක…එයාල සිංහල මිනිස්සු වුණාට වැදි ජනාවටත් වඩා කටුක ජීවිත ගතකරන්නෙ..

ඔය කළුබණ්ඩගෙ පුතා අවුරුදු 12 ක විතර ළමයෙක්… හතැක්මක් විතර ඈත තියෙන ගෙදර ඉඳන් කලු බණ්ඩගෙ රෑ කෑම එකත් අරන් අඳුර වැටීගෙන එන වෙලාවට මේ ළමය එනවලු තවානට (කළුබණ්ඩ තමා අර කැලෑ වැවිල්ලෙ තවාන් වල මුරකාරය) ..අපේ ජෑන්ත අයිය එහේ ගිහින් හිටපු දවසක මේ ළමය පරක්කු වෙලාලු ආවෙ, අහල බැලුවහම මොකද කියල මග තනි අලිය හිටිය ඌ යනකම් හිටිය කිව්වලු.. කොහෙද හිටියෙ කියල ඇහුවම කිව්වලු ” මඤ්ඤොක්ක ගහක් උඩ නැගල හිටිය ” කියල… එයාලගෙ එදිනෙදා ජීවිත එහෙමයි…

මොකක්ද මේ ලොං දුන්න කියන්නෙ…?

ඒක මේ කුරුල්ලො අල්ලන්න ගන්න උගුලක්.. ඔය උඩ තියෙන පින්තූරෙ තියෙන්නෙ ලොං දුන්නක් තමා.. ( ඔය පින්තූරෙ ගැන යමක් කියන්න තියෙනව තව ටිකකින් කියන්නම් ).

ඔය කළුබණ්ඩගෙ පුතාල හේන් ගිරවුන්ගෙන් පරිස්සම් කරන්න ගියහම ඕව අටවනවලු ගිරවු අහුවෙන්න… දවසක් ජෑන්ත අයිය ඇහුවලු අහුවෙන ගිරවු ඇති කරනවද කියල…එතකොට කිව්වලු ” අපි නං තලා හොදි කනව ” කියල.

මේක කියවන කාටවත් වැඩක් නැතත් මේක මොකක්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්න එපැයි …ඕක වැඩකරන්නෙ මෙහෙමයි….

ඔය දුන්න වගේ තියන එකට දාල තියෙන්නෙ දෙපොටක් තියෙන නූලක්.ඒ නූල ගැටගහල තියෙන්නෙ එක පැත්තකින් විතරයි. අනිත් පැත්තෙදි ඒ ලීයෙම තියෙන සිදුරක් ඇතුළෙන් යවල දුන්න වගේ හොඳට නැමෙන්න ඇදල පොඩි කූඤ්ඤ කෑල්ලකින් තදකරනව. ඒ කූඤ්ඤ කෑල්ල උඩදි අර නූලෙ පොටවල් දෙක ඈත් කරල ( තොණ්ඩුවක් වගේ ) තියනව. මෙන්න මෙහෙම …..

දැන් ඔතන මොනව හරි කෑමට දෙයක් තිබ්බහම කුරුල්ලෙක් ඇවිත් කූඤ්ඤ කෑල්ල උඩ වැහුවොත් කූඤ්ඤ කෑල්ල ගැලවිල කුරුල්ලගෙ කකුල තොණ්ඩුව ඇතුළට යනව ..නූල release වුනහම දුන්න දිගඇරිල නූල කුරුල්ලගෙ කකුලත් එක්ක අර සිදුර ලඟට ගිහින් හිරවෙනව, මෙන්න මෙහෙම….

ඔය පින්තූර ගැන කියන්න තියෙන කථාවත් හරි පුදුම එකක්… මම මේක ලියන්න ගත්තහම තමා තෙරුණේ මේක කියවන කෙනෙකුට ලොං දුන්න පැහැදිලි කරන්න පින්තූරයක් තිබුණොත් හොඳයි නේද කියල…

ඉතින් net එක පීර පීර හොයනකොට හරියටම ලොං දුන්නක පින්තූරයක් හම්බවුණා…. එත් කළුබණ්ඩල ගැන article එකක නෙමෙයි… Ojibwe කියන රතු ඉන්දියානු ගෝත්‍රිකයො ගැන කියනarticle එකක…. පුදුම නැත්ද … ලංකාවෙ මේ බදුලු කැලේ ඉන්න කළුබණ්ඩගෙ පුතාලයි, උතුරු ඇමෙරිකාවෙ ඉන්න Ojibwe ගෝත්‍රිකයොයි දෙගොල්ලොම කුරුල්ලො අල්ලන්න ලොං දුන්න අටවනව කිව්වම…..

ඒක ගැන දේශපාලනික තෙරුමකිනුත් ගන්න පුළුවන් වාක්‍ය කෑල්ලක් දාන්නද…..

“ලෝකෙ කොයි කොනේ හිටියත් මිනිස්සුන්ට තියෙන එක වගේ ප්‍රශ්න වලට තියෙන්නෙ එක වගේ විසඳුම් …”


මගෙ කතාව ඕක නෙමෙයි, කතාව මේකයි…..

මං හොස්ටල් එකේ ඉන්න කාලෙ කාලයක් අපේ පොඩි ක්ලික් එකක් තිබුණ …. එහෙම එව කාලෙන් කාලෙට තියෙනව.. ( හොස්ටල් ජීවිතේ ගැන වෙනම කතාකරන්න ඔනෙ…. මට නම් හිතෙන්නෙ හොස්ටල් එකක ගත කරන කාලෙ ජීවිතය ඇතුළෙ ජීවිතයක් වගේ කියල.. හරියට ඉන්දියාව කියන්නෙ ලෝකෙ ඇතුළෙ තියන ලෝකයක් කියනව වගෙ ).

මේකෙ සාමජිකයො තුන් දෙනයි මමයි,සිසිලුයි, කාන්තයයි…

අපි තුන් දෙනාම බාලදක්ෂයො… එකම කණ්ඩායමේ ….

ඔය කාලෙට මොනව කළත් ඉතින් ඒක ජීවිතේම කර ගන්නවනෙ… මුද්දර එකතු කරන එකා ගෙදරින් කෑම ගන්න දෙන සල්ලි වලින් මුද්දර අරන් බඩගින්නෙ ඉන්නව… kadeting කරන එකා තට්ටෙ වගෙ හිටින්න කොණ්ඩෙ කපාගෙන, බුරිය ළඟට හිරව්න්න කලිසම ඇඳල,වැසිළියට ගියත් ඇවිදින්නෙ වම.. දකුණ.. වම හරියට තියල…

ඉතින් බාලදක්ෂයොත් ලොකු වෙනසක් නෑ..මොකද අපේ ඒ කාලෙ කියමනකුත් තියෙනව ” once a scout is always a scout ” ( ” වරක් බාලදක්ෂයෙක් වූ කෙනෙක් සැමවිටම බාලදක්ෂයෙකි”) කියල…. ඉතින් අපිත් ලණු කෑලි , පොලු කෑලි ,පිහි , ගිනිපෙට්ටි වගෙ අනිත් උන් පවිච්චි කරන්නෙ නැති බඩු වලින් තමා වැඩ…එකපාරක් උඩ තට්ටුවට නගින්න හැදුව වැල් ඉනිමඟක් ( යසට පඩි පෙළ තියෙද්දි ). තව සැරයක් හැදුව tree hut එකක්.. ඒකනම් සෑහෙන්න නැගල ගියා…

ඔන්න ඔය කාලෙ තමයි මම නිවාඩුවට ගෙදර ගිය වෙලේ ජෑන්ත අයිය මට ලොං දුන්න හදන හැටි කියල දුන්නෙ…

මං නිවාඩුව ඉවර වෙලා ආපු ගමන්ම අපේ අනිත් දෙන්නට වැඩේ ගැන brief කළා in detail… අපිට ඒ කාලෙ තිබ්බ ලොකුම හිසරදයක් තමා කාක්කො.. ( කොළඹ නගරසභා සීමාව ඇතුළෙ කාලයක් හිටපු ඕන කෙනෙක් මේක දන්නව )… දැන් වැඩේ ප්ලෑන් කළා කාක්කන්ට ගේම දෙන්න…

අපේ පිහි හෙම අරගෙන කෝටු කපාගෙන වැඩේට බැස්ස… මමයි සිසිලුයි තමා වැඩේ කරන්නෙ.. කාන්තය තමා සහයට ඩැනී.. මොකද ඌට මගෙ briefing එක හරියට තේරුණේ නෑ (මොකෝ ඒ කාලෙ net එක තිබුණයැ මේ පින්තූර පෙන්නන්න…) අපිට කොච්චර කළත් මේක හරියට අටවගන්න බෑ… දුන්න ගැස්සිල ..මගෙයි සිසිලයගෙයි දෙන්නගෙම ඇඟිලි අහුවුණා ඇඟිලි පුරුක් වලින් කැඩිල යන ගානට… කාන්තය හිකි හිකි ගාල හිනා වෙනව… අපිට මළ…අපි අරූට බැන්න ….

උඹ බලාගෙන ඉන්න හින්ද තමා මේක හරියන්නෙ නැත්තෙ.. උඹේ බැල්ම මේකට මුස්පෙන්තුයි… තෝ පල යන්න මෙතනින් කියල….

ඌ ටිකක් වෙල කුටු කුටු ගගා මොනවද කිය කිය ඉඳල යන්න ගියා…

ටික වෙලාවකින් මට ඇහුණ visitors room එකෙ duty ඉන්න junior කෙනෙක් ඇවිල්ල අන්න කාන්ත අයියලගෙ ගෙදරින් ඇවිල්ල කියල කෑ ගහනව…..

අපි අපේ වැඩේ කරගෙන ගියා… මෙක රඳවන්නෙ කොහොමද කියල හිත හිතා…

තව ටික වෙලාවකට පස්සෙ…පිටිපස්සෙන් සද්දයක් ආව…( අපි වැඩ කර කර හිටියෙ පරණ ඩෙස් බංකු ටිකක් ගොඩ ගහල තිබුණු තැනක )… අපි හැරිල බැලුව…

කාන්තය හරියට අවුරුදු උත්සවේ අලියට ඇහැ තියන්න වගෙ ඇස් වහගෙන, හුණු කෑල්ලක් වගෙ එකක් දික් කරගෙන ඩෙස් වල හැපි හැපි එනව අපි දිහාට… මට හිතාගන්න බැරි තැන මං ඇහුව මොකක්ද යකෝ ඔය කරන්නෙ කියල…

කාන්තය දුන්න උත්තරෙ මේකයි….

” අපේ ගෙදරින් ආව.. තාත්ත අතේ අම්ම අළුව වගෙයක් එවල තුබුණ… උඹලට කෑලි දෙකක් දෙන්න ආවෙ , මම දැක්කොත් ඔය වැඩේ මුස්පෙන්තු වෙනව කියපු හින්ද ඇස් දෙක වහගෙන ආවෙ” කියල…….

මට ලොං දුන්න පොළොවෙ ගහල අඬන්න හිතුණ….

Advertisements
25 Comments leave one →
  1. නලිනි permalink
    June 7, 2011 9:26 pm

    බොහොම රසවත් බ්ලොගයක් බව පේනවා. දිගටම මේ පැත්තෙ එන්නම්. තවත් ලියන්න අමතක වෙලා තියෙන අමතක නොවන දේවල්.

  2. Luckey permalink
    June 8, 2011 11:33 am

    අපි වැඩිය හිතන්නෙ නැතිව කියන දේවල් වලින් අනික් අයගෙ හිත් මොන තරම් රිදෙනවද? මමත් ගොඩක් උත්සාහ කරනවා ඔය වරද නොකර ඉන්න,,ඒත් හිතවත් කම වැඩි වුනාමත් ඇස් රතු වෙන කතා කියවෙනවනෙ…
    වටින දෙයක් ඔබ නැවත සිහි ගැන්වුවා

  3. June 8, 2011 7:39 pm

    අපි නොදන්නා දේවල් ගැන දැනගන්න ලැබුනා ස්තුතියි

  4. June 9, 2011 5:01 pm

    jayantha ayya kiyana eka liyala thiyanawa kethai

  5. June 14, 2011 1:10 pm

    මගෙ බ්ලොගට ඇවිත් එන්න පාර කිවුවට ඉස්තුතියි.. මේක අපුරු කතාවක් දිග බ්ලොග් ලියන්න එපා කියවන්න එපා වෙනවා..ඔන්න මට දුන්න අවවාදයක් .. මේක දිගයි එත් රසයි ..කියෙවුවහැකි.. හැබැයි ඔය කුරුල්ලෝ මරණ වැඩේට මං නැහැ.. අර දුන්න හදාගන්න බැරි උණ ඒක හොඳයි.. කපුටා අහිංසක සතෙක්නෙ.. ඌ කළු නුඋන නම් ඌට සින්දු කියන්න පුළුවන් උනා නම් ඌටත් මිනිස්සු ආදරේ වෙයි.. පවු. ඌ කියනවලු මම හැම එකාගෙම මස් කනව මගෙ මස් කන්න එකෙක්වත් නෑ කියල.. හරියට මං බ්ලොග පනහකට විතර ගිහින් කමෙන්ට් දානවා මගෙ බ්ලොගට ඒ අය කොමෙන්ට් දාන්නේ නෑනේ කියල මට හිතෙනවා වගේ !

    • June 14, 2011 6:13 pm

      අන්න ඔබ වෙනස්ව හිතුව… ( කපුට ගැන..)

      මම හරිම අගය කරනව වෙනස්ව හිතන මිනිස්සුන්ව…

      ආවට ස්තුතියි…

  6. Bindi permalink
    June 15, 2011 5:27 pm

    හරිම අපුරුයි. විවිධ සංස්කෘතීන් අතර සමානකම් ගැන දැනගන්න මට තියෙන්නේ පුදුම ආසාවක්. වියට්නාමේ කිඹුල් මස් කනවා . චික් අපි නම් ඔය ජරාව කන්නේ නැහැ කියල පාරම්බාගෙන හිටිය මදැයි .මෙන්න සදරුලගේ ගමේ කිඹුල් කරවල තියේලු. ඔය වගේ දේවල් කොපමණ තියේද. සරත් විතරය අර නරියත් දැක්කනේ කපුටාගේ ලස්සන ..හික්

    • June 17, 2011 1:23 am

      මට නම් විවිධ සංස්කෘතීන්ට අයිති මිනිස්සුත් එක්ක ඉඳල ඔය වගේ දේවල් හරියට දැනගන්න ලැබිල තියෙනව…. පුලුවන් වුනොත් පෝස්ට් එකක්ම දානව…

    • June 29, 2011 12:30 pm

      හොඳයි මං බොරුද කියන්නේ ? අහිංසක කපුටාගේ කුඩුවේ බිත්තර දාල කපුටි ලව ඒවා රක්කවාගෙන කපුටා ලවා උගේ පැටවුන් ලොකු කරව ගන්න කළු කැත කොවුලා ටිකක් කොට සින්දුවක් කියන නිසා කාගේත් ජනප්‍රිය කුරුල්ලා.. අර දුක් විඳගෙන අනුන්ගේ දරුවෝ හදන කපුටා නරකයි ඌ කළු නිසා !!

  7. June 16, 2011 9:30 am

    මාරයි බන් . . ඇහැට කඳුලක් ආවා . . . ඔච්චර ජාති කියලා බැන්නත් ඌට උඹලට නොදී කන්න බෑ . . .

    දන්නවද සපතේරු උන්නැහේ . . මම විස්වාස කරන දෙයක් තමයි සෝමා ජයකොඩිගේ කර්නල්ගේ බිරින්දෑවරු පොතේ කිව්ව විදිහට මනුස්ස සබඳකම් හරියට වීදුරු බඩු වගේ පර්ස්සම් කරන්න ඕන කියන එක.

    මටත් ගොඩක් ලඟම යාලුවෝ නෑ ඒ මගේ ලොකුම දුර්වල කම කියලා ගොඩක් අය කියන ඒත් මගේ ලොකුම ගුනාංගය කියලා මම හඳුන්වන කියන්න තියෙන දේ කෙලින්ම පොල්ලෙන් ගැහුව වගේ මූනට කියන එක.

    ඒත් හොඳින් තේරුම් අරගෙන ඉන්න අය කීප දෙනා අතරේ තියෙන හිතවත් කම වීදුරු බඩු වගේ රකින්න මම උත්සාහ කරනවා.

    කාන්තයායි සිසිලුයි තාම එදා වගේම නැතත් ඉඳහිට කතා කරන තරම් වත් හිතට ලඟින් ඉන්නවා ඇති නේද?

    • June 17, 2011 1:36 am

      වීදුරු බඩු උපමාවට 100% ක් එකඟයි… කැඩුනොත් හදන්න බෑ….හැදුවත් පලුදු පේන්න තියනව… කවදාවත් තිබුන වගේ ලස්සන නෑ….

      යාලුවොනම් මචෝ ජීවිතේ පස්සෙ කාලෙක වෙච්ච කරදරත් එක්ක ටිකක් ඈත් වුනා… මූණු පොතේ ඈසුර තමා..

  8. June 20, 2011 6:06 pm

    නියමෙටම නියමයි. හරිම රසවත් විදිහට ලියලා තියෙනවා. අර ලොන් දුන්න ගැන දැනගත්තහම එකක් හදන්න ඕනෙ කියලා මහ කොළු හිතක් ආවා. ඒත් ඉතින් ඒකක් හදලා මේ කාන්තාරේ ඔටුවො අල්ලන්නයෑ….

    මේක මේ හදීසියේ දාන්නෙ. ඉහටත් උඩින් වැඩ නිසා පස්සෙ වෙලාවක නිවිහැනහිල්ලෙ ඔක්කොම ටික කියවන්න එඤ්ඤං….!

    ජය වේවා !

    • June 25, 2011 1:13 pm

      දුමී…
      ඔබ දැකුමෙන් මා නෙතු පින් කල බව හැඟේ….
      බොහොම ස්තුතියි ආවට… මම මුලින්ම කියවපු බ්ලොග් එක උඹේ කට කහන කතා…උඹ ඇවිල්ල මේකෙ කොමෙන්ටුවක් දාපු එක මට ලොකු දෙයක්….

      ඔටුවො අල්ලන්නවත් ඕක හදන්න කෝටු කෑලි දෙකක් කොහෙන් හොයා ගන්නද මෙහේ.. රට ඉඳි පිත්තකින් තමා හැදුවොත්…

  9. June 21, 2011 10:10 pm

    ඔබ කතාව ඉදිරිපත් කරන ආකාරයේ ඔබට ආවේණික ගතියක් තියෙනවා, එය ගොඩාක් සිත්ගත්තා. යමක් ලිවීමට වඩා ලියන යමක් තුළින් විශේෂ යමක් දෙන්න පුලුවන් හැකියාවක් මෙතැන දකිනවා. ඒ ශෛලිය ඔස්සේ මෙය සුවිශේෂ බ්ලොග් එකක් වේවි. සුබ පැතුම් සොයුරා.

    • June 25, 2011 1:16 pm

      ඩීන්… බොහොම ස්තූතියි අගය කිරීමට… ලියන්නට හදන්නේ ඔබ වැනි කවුරුන් හෝ රස විඳිනු ඇතැයි සිතා ය.

  10. July 21, 2011 3:46 am

    Enjoyed the post and also the comments

  11. November 26, 2011 3:31 pm

    මම නම් ලොං දුන්නක් දැක්කේ අදමයි. ඒ වගේම මේ ගැන පින්තූර ටිකක් දැම්ම එකත් අපූරුයි.

  12. April 16, 2012 10:04 pm

    මේක සඳරු මල්ලි එවල තිබුණෙ..

    ලොං දුන්න කියලා දෙයක් ගැන මම නම් කවදාකවත් අහලා තිබුනේ නෑ . ඔන්න ඉතින් මෙහේ පැත්තේ ඇවිදලා ඒ ගැනත් දැන කියාගත්තා .

    පහලින් ලියා තියන කතාව නම් ගොඩක් සංවේදියි තමා අපි හිතට එන දේවල් අපි ඒ සැනින් කියා දැම්මට පස්සේ තමා ඒ කියාපු එවුවගෙ බරපතල කම තේරෙන්නේ ..

    දවසක් මම පහේ පන්තියේ ඉන්දෙද්දී දවසක් වැරැද්දක් කරලා මට ටීචර් එලියට වෙලා ඉන්න කීවා . මගේ පේලියේම හිටි පොඩි කෙල්ලක් ඒ වෙලාවේ මට ඔච්චමට හිනා වුණා .. මම හිතෙන් ඒකිට සාප කාලා

    ..විනාඩි තුන හතරක් යද්දී මෙන්න මේකි මං ගාවට එනවා කුඩේකුත් ඉහලගෙන ..

    මම ඇහැවුවා ඇයි මේ ? කියලා ..

    ඔයා අවුවෙ නේ ඉන්නේ ඔන්න මං කුඩේ ඉහලං ඉන්නං කියලා ඒකි කියාපි ..

    කඳුලු හල හල ඇඬුනේ නැතත් මම එදා මගේ හිතෙන් ඇඬුවා ..

    සඳරු

  13. April 17, 2012 11:00 am

    මොනවා කියන්නද? ලොන් දුන්න පැත්තක තිබ්බාවේ.. ඔතන මම හිටියත් හිතෙන්නේ ඔය ලොන් දුන්න පොලවේ ගහල අඬන්න….

මොනවම හරි හිතුනනම් කියල යන්න...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: